ඕකීඩ් වගාවට හානිකරන උවදුරු

ඕකීඩ් වගාව මහා පරිමාණයෙන් වගේම නිවසේ අලංකාරය සඳහා සිදු කරන්න බොහෝ දෙනා පෙළඹිලා තියෙනවා. මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ ඒ ඕකිඩ් වගාවට ඇතිවන උවදුරු පිළිබඳවයි.
දියමලන් කෑම
ඕකිඩ් පැල සිටුවන විටදී හෝ කෘමි සතුන් මූලය විනාශ කර තිබෙන විටකදී ඕකිඩ් මූල මඟින් හටගන්නා දිලීර රෝගයකි. මෙය වැලඳුණු විට ක්ෂණිකව පැලය මලානික වී ගොස් මිය යනවා. එවිට කළ යුත්තේ පඳුරේ අනෙකුත් ඕකිඩ් ශාක කැප්ටාන් වල ගිල්වා හෝ පැලය සහිත බඳුන සම්පූර්ණයෙන්ම කැප්ටාන් දියරයෙන් තෙමීම.
පත්‍ර කුණුවීම
පළමුව ඕකිඩ් කොලේ කහපාටවී මැරී යනවා. මෙය වර්ෂාවත් සමඟ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ සඳහා ඇන්ට්‍රපෝල් යෙදීමෙන් මේ රෝගය පාලනයක් සිදු කරගත හැකි. පත්‍ර ආශ්‍රිත බොහෝ රෝගවලට ඇන්ට්‍රපෝල් යෙදීමෙන් එම රෝග වළක්වා ගන්න පුළුවන්.
කඳ පණුවා
මේ සතා ශාකයේ කඳ ඇතුළට ගොස් පටක විනාශ කරනවා. එවිට ශාකය කඩන් වැටෙනවා. මෙය ඩයිසිනෝන් යෙදීමෙන් පාලනය කරන්න පුලුවන් .
කොරපොතු කෘමියා
මෙම කෘමියා කඳට සවි වී සිට ශාක යුෂ උරා බොනවා. කෘමියා බෝවන මුල් අවදියේදීම ඔබට අතින් සූරා ඉවත් කරන්න පුළුවන්. මේ කෘමියාගෙන් විශාල හානියක් සිදුවන්නේ නම් ඩයිමිතෝඑට් යොදා විනාශ කළ හැකියි. කෘමිනාශක භාවිතා කරන විටකදී අනවශ්‍ය පරිදි කෘමිනාශක භාවිතා කිරීමෙන් වලකින්න.
ගොළු බෙල්ලා
මේ සතා පත්‍රය සහ කදේ පටක සූරාකෑමකට ලක් කරනවා. මේ අතරින් හංගොල්ලා මූලයද කා දමනවා. එවිට ශාකයට පොහොර හා ජලය උරා ගැනීමට නොහැකි නිසා ශාකය දුර්වලවී මැරී යනවා. ගොලුබෙල්ලා හා හංගොල්ලා දෙදෙනාම පළිබෝධක නාශක යෙදීමෙන් හෝ අතින් ඉවත් කර වගාවට සිදුවන හානිය අවම කර ගන්න පුළුවන්. පළිබෝධකයන් රාත්‍රි දහය පසුව වගාවට හානි කරන නිසා රාත්‍රියේදී මේ පිළිබඳව පරීක්ෂාකාරීව සිටීම වැදගත් වෙනවා.
දුඹුරු ලප
ඕකීඩ් පත්‍රයේ සහ කදේ කහ පැහැති දුඹුරු පැහැ ලප වර්ග සෑදෙනවා. මේවා කාලයත් සමග වර්ධනයවී වගාවට හානි ගෙන දෙනවා. මේ සඳහා කළ යුත්තේ ශාකය අවට ඇති වල් පැලෑටි මර්ධනය කිරීම හා ශාකය අවට පිරිසිදුව තැබීමයි. තවද රෝගී ශාක කොටස් කපා ඉවත් කළ යුතුයි. මේ සඳහා දිලීර නාශක වර්ගයක් යෙදීමෙන් මේ වර්ධනය වීම පාලනය කළ හැකියි. විශේෂයෙන්ම ශාකය පිරිසිදුභාවය ගැන මුල සිට සැලකීමත් වුනොත් දුඹුරු ලප සෑදීම වළක්වා ගන්න පුළුවන්.
by Dilki Shamani
Photo Source: Internet
1369 Views
Comments