DEC
18
ස්වීට් කෝ(ර්)න් සැලඩ්

බඩඉරිඟු ඉතා ගුණදායක ආහාරයක්. එහෙත් පහසුවෙන් ලබාගත හැකි දෙයක් වුවත් අපගේ ආහාරයට අඩුවෙන් එක් වෙන දෙයක් ලෙසත් බඩ ඉරිඟු හඳුන්වන්න පුළුවන්. බඩඉරිඟු පාවිච්චියෙන් sweet corn salad එකක් ගෙදරදීම සාදා ගන්නා ආකාරය පහත දැක්වේ.
අවශ්‍ය ද්‍රව්‍ය,
- ස්වීට් කෝන් පැකට් හෝ ටින් එකක්
- ලොකු තක්කාලි ගෙඩියක්
- අලිගැටපේර ගෙඩිය ක්
- මාළු මිරිස් කරලක්
- සලාද කොළ ග්‍රෑම් සීයක්
- පාස්ලි මේස හැන්දක්
sweet corn salad පිලියෙල කරගන්නා ආකාරය,
තක්කාලි ගෙඩිය හොඳින් සෝදා සිහින් කැබලි වලට කපා ගන්න. අලිගැටපේර ගෙඩිය පොත්ත ඉවත් කර කැබලි වලට කපා ගන්න. මාලුමිරිස් කරල ඇට ඉවත් කර කපා ගන්න. දැන් සියලුම දේ සලාද කොළ හා sweetcorn ඇතුළුව එකට මිශ්‍ර කරගන්න. දැන් yogurt dressing සමඟ හෝ french dressing සමඟ මිශ්‍ර කර මේසයට පිළිගන්වන්න.
by Sachini Sooriyaarachchi
848 Views
Comments