සුප් කැට ගෙදරදීම හදමු

අපේ කෑම රස කරන සුප් කැට වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. සුප් කැටයක් දාලා මොනව හැදුවත් හරිම රසයි. ඒ නිසා ලොකු පොඩි හැමෝම ඕනම දෙයක් ආසාවෙන් රස බලනවා. නමුත් මේ සූදානම් වෙන්නේ රසවත් සුප් කැට ගෙදරදීම හදන්න පුලුවන් විදියක් ගැන ඔබට කියන්න.
චිකන් සුප් කැට හදන්න අවශ්‍ය වෙන්නේ,
- කටු නැති චිකන් ග්‍රෑම් 100 සීයක්
- සාමාන්‍ය කැරට් අලයක්
- ලොකු ලූණු ගෙඩියක්
- ලීක්ස් ගහක්
- කොත්තමල්ලි කොල ටිකක්
- සුදු ලූනු බික් හතරක් පහක්
- කහ කුඩු ලුණු හා කුඩු ස්වල්පයක්
- සෝයා සෝස් මේස හැඳි එකක්
- සීනි තේ හැඳි එකක්
- තෙල් මේස හැදි එකක්
සකස් කරගන්නේ
මුලින්ම කුකුල් මස් ටික සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයේ කැබලි වලට කපන්න අවශ්‍ය වෙනවා. ඉන්පසු එළවළු ටික පොඩියට කපාගන්න. සාස්පානකට එළවළු මස් සියල්ල දාලා වතුර කප් බාගයක් විතර දාලා කහ කුඩු ටිකත් එක්ක තැම්බෙන්න තියන්න.ටික වෙලාවක් යනකොට මේ සියල්ල හොඳින් තැම්බිලා වතුර ගතිය අඩු වෙනකොට සෝයා සෝස් සීනි තෙල් හා ලුණු කුඩු ටිකක් දාලා වතුර හිදෙනකන් තම්බ ගන්න අවශ්‍ය වෙනවා. තම්බලා ඉවරවෙන පදම වෙන්නේ එළවළු සහ මස් අල්ලනකොට බෙරිවෙලා වගේ නම් වගේ නම් ලිප නිවලා එළවලු සහ මස් ටික වෙනම පෙරාගෙන ඉතුරු වුන චිකන් ස්ටොක් එක වෙනම අරගන්න ඕන. බේරාගත් එළවළු ටික ඉතුරු සුප් වතුරෙන් හැන්දක් දෙකක් දාන ගමන් ක්‍රීම් එකක් වෙන්න බ්ලෙන්ඩ් කර ගන්න අවශ්‍ය වෙනවා. වතුර වැඩිපුර එකතු කරන්න හොඳ නැහැ. මේ විදිහට ටිකක් ඝන පේස්ට් එකක් විදියට හදාගත්තු මිශ්‍රණය අයිස් කියුබ් දාන ට්‍රේ එකකට වත් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පහසුම ක්‍රමය තමයි අයිසිං මිශ්‍රණය වත් කරන විදිය.
උරයක කොන කපලා එයට මිශ්‍රණය දාලා ට්‍රේ එකට වත් කරන්න පුළුවන්. ඉන්පසු පැය 12ක් විතර අධි ශීතකරණයේ තියලා සුප් කැට ට්‍රේ එක එලියට ගන්න අවශ්‍ය වෙනවා. දැන් ඔබට ලස්සන සුප් කැට ටිකක් ලැබිලා ඇති. මේ සියල්ල වෙන වෙනම ෆොයිල් වල ඔතන පුළුවන්. එතකොට කඩෙන් ගන්නවා වගේම සුප් කැට ඔබට ලැබේවි. මේ විදියට හදාගත්ත සුප් කැට ශීතකරණයේ තියලා මාසයක් එකහමාරක් විතර පාවිච්චි කරන්නත් පුළුවන්. කෘතිම රසකාරක අඩංගු නොවන නිසා සෞඛ්‍යයට හිතකරයි. ඒ වගේම එළවළු මස් මාළු රස කරන්න මේ ගෙදර හදාගත්තු සුප් කැට යොදා යොදා ගන්න පුළුවන්. කැමති කෙනෙකුට චිකන් සුප් කැට වෙනුවට එළවළු සුප් කැටත් මේ විදියට හදාගන්න පුළුවන්.
by Dilki Shamani
1438 Views
Comments