“ඉගිලෙන මාළුවෝ” හි තමන් රඟපෑ නිරුවත් චරිතය ගැන, මතක එළියට අදින දැන් අමරිකාවේ ඉන්න ගයේෂා - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

“ඉගිලෙන මාළුවෝ” හි තමන් රඟපෑ නිරුවත් චරිතය ගැන, මතක එළියට අදින දැන් අමරිකාවේ ඉන්න ගයේෂා - (PHOTOS)

“ඉගිලෙන මාළුවෝ” හි තමන් රඟපෑ නිරුවත් චරිතය ගැන, මතක එළියට අදින දැන් අමරිකාවේ ඉන්න ගයේෂා - (PHOTOS)

ආන්දෝලනාත්මක චරිත නිරූපණය නිසාම දැඩි කතාබහට ලක්වුණු ගයේෂා පෙරේරා දැන් ඉන්නෙ විදෙස්ගතවයි.

 

දැන් ආදරණීය මවක් වන ඇය, පසුගිය දවසක ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අපූරූ සටහනක් එක් කර තිබුණා. ඒ ආන්දෝලනයට තුඩු දුන්න ඇගේ චිත්‍රපටය 'ඉගිලෙන මාළුවෝ' ගැන සඳහන් කරමින්.
 

 

එම චිත්‍රපටය තහනමින් ඉවත් වූ කතාවකුත් ඊට ඇතුළත්.

 

16 වසරකට පසු ඒ මතකය අවදි කළ ඇය, 'ඉගිලෙන මාළුවෝ' තහනමින් ඉවත් වූ බව දැනුම් දුන් පුවත්පතක කොටසකුත් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

 

සංජීව පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණයක් වූ 'ඉගිලෙන මාළුවෝ' හි ගයේෂා පෙරේරා නිරුවත් දර්ශන කිහිපයකටම පෙනී සිටින අතර, ඇය පෙනී සිටි එක් නිරුවත් සහ ලිංගික දර්ශනයක් අන්තර්ජාලය පුරාවටම නොසිතූ ලෙස පැතිර යන්නට පටන් ගත්තා.

 

පසුකාලීනව දේශපාලනයට එන්නට තීරණය කළ ගයේෂාට මෙම 'නිරුවත් වීඩියෝව' හරහා විරුද්ධවාදීන් දැඩි ලෙස පහර එල්ල කළා ඔබට අමතක නැතුව ඇති.

 

කෙසේ හෝ වේවා ඇය පසුකාලීනව විදෙස්ගත වූ අතර දැන් ඇය ඉන්නෙ අමරිකා එක්සත් ජනපදයේ. පසුගිය දිනෙක ලස්වේගස් හි පැවැත්වුණු 'මිසිස් වර්ල්ඩ්' තරගයට පැමිණි පුෂ්පිකා ඇතුලු පිරිසට සහය දෙන්නටත් ඇය පැමිණ සිටියා.

 

'ඉගිලෙන මාලුවෝ' ඉතිහාසය හොයාගෙන යද්දි, අපිට කාලෙකට කලින් ගයේෂා කියපු ඉපැරණි කතාවකුත් හමුවුණා.

 

"පහුගිය කාලයේ අපි දැවැන්ත ලෙස අන්තර්ජාලය ඔස්සේ සහ දැවැන්ත ලෙස මාධ්‍යයට කතාකරපු චිත්‍රපටයක් හැටියට "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටය ගැන ඒ චිත්‍රපටයේ හිටපු මිනිසුන් පිළිබදව පසුතැවීමකට ලක්වුණා නැත්තේ නැහැ. හැබැයි ඒ චිත්‍රපටයේ රංගනය පිළිබදව කිසිසේත්ම පසුතැවීමකට ලක්වන්නේ නැහැ. මොකද අපේ රටේ බිහිවෙච්ච ප්‍රවීන අග්‍රඝනයේ අයට බනින්නේ නැහැනේ අදටත්. චරිතයක් පිළිබදව මේ විදිහට මඩගැසීම් වලට ලක් කිරීම මං නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මේකෙන් වෙන්නේ ඉදිරියේදී හොද නිර්මාණයක් බිහිකරන්න, බිහිවෙන්න ඒකට දායක වෙන්න අපේ රටේ නළු නිළියන් ගොඩක් වෙලාවට පසුබෑමකට ලක්වෙනවා. ඉතිං මේක හැම මනුස්සයගේම දර්ශනය පිළිබදව තියෙන දෙයක්. මට ආරංචියක් ආවා "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටය නොවැම්බර් මාසයේ තිරගත වෙනවා කියන එක. හැබැයි මට අද වන තුරු ඒ පිළිබදව දැනුවත් කිරීමක් හෝ ආරාධනාවක් ලැබිලා නැහැ. ඉතිං චිත්‍රපටයට දායක වෙච්ච ප්‍රධාන චරිතයට ආරාධනාවක් නොලැබෙනවා කියන්නේ ඉතිං මං හිතන්නේ ඒක දෛවෝපගත සිද්ධියක්....."

 

 

 

 

 

 

 

 

views

26132 Views

Comments

arrow-up