කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වූ සෙව්වන්දි නයනතාරා ඩුබායි ගිහින් ගෙවන ජීවිතේ - PHOTOS
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වූ සෙව්වන්දි නයනතාරා ඩුබායි ගිහින් ගෙවන ජීවිතේ - PHOTOS

කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වූ සෙව්වන්දි නයනතාරා ඩුබායි ගිහින් ගෙවන ජීවිතේ - PHOTOS

සෙව්වන්දි නයනතාරා කියල කියන්නේ සිය රංගන හැකියාව වෙනස්ම ආකාරයට පෙන්නුම් කරමින් මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුන්දර චරිතයක්. ඇත්තෙන්ම කලාවට පිවිසීමට පෙර සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන චරිතයක් වු ඇයව හැමෝම වගේ හදුනා ගන්නේ ටික්ටොක් රැජින ලෙසයි.

 

කොහොම නමුත් ටික් ටෝක් හරහා අහම්බෙන් රංගනයට එන ආදරණීය රංගන ශිල්පිනියක් විදිහටත් අපිට ඇයව හදුන්වන්නට පුළුවනි. කොහොමහරි ඉතින් ටික්ටොක් හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය රුපවාහිනී වෙළඳ දැන්වීම්වලට වගේම ටෙලි නාට්‍යවලටත් සිය රංගන දායකත්වය ලබාදෙනවා. මේ අතර තෝඩු කියන ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන ඇයට හිමිවෙන්නේ ඉහළ ජනතා ආකර්ෂණයක්.

 

කෙසේ වෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනියගේ වර්තමාන ජීවිතය පිළිබඳ කතා කරනවානම් ඇය මේවෙනකොට විවාහකයි. ඇය විවාහවෙන්නේ මෙරට කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු සමගිනුයි. දෙනියාය මැණික් ඔහුගේ ව්‍යාපාරයයි. කොහොම නමුත් ඇයව අපට විවාහයෙන් අනතුරුව වැඩිය කලා ක්ෂේත්‍රය තුළින් දැනගන්නට නම් ලැබෙන්නේ නැහැ. මේ දවස්වල රටේ පවතින තත්වය අනුව වැඩ වලට සම්බන්ධ විය නොහැකියි කියලයි ඇයනම් කියන්නේ.

 

 

ඇයව ටෙලිනාට්‍ය තුළින් දැකගන්නට නොලැබුනත් සමාජ මාධ්‍ය ජාලා මෙන්ම විවිධ රූපවාහිනි සංගීත වැඩසටහන් හරහාද දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් ඇය මේ දිනවල සිය සැමියාගේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙමින් සැමියාට සහාය ‌වෙමින් ඉතා විනෝදයෙන් හා සතුටින් කාලය ගත කරන බවයි අපට දැනගන්නට ලැබුණේ. කෙසේවෙතත් විනෝද චාරිකාවල නිරත වෙමින් විවාහ ජීවිතය ඉතා විනෝදයෙන් ගතකරන මේ යුවළ මේ දවස්වලනම් විදෙස්ගතව සිටිනවා.

 

කොහොමහරි ඉතින් සිය කෝටිපති සැමියා සමගින් ඩුබායි බලා ගිය නයනතාරා සුපුරුදු පරිදී ටික්ටෝක් කරමින් ඉතා සතුටින් සැහැල්ලුවෙන් කාලය ගතකරන බවයි අපට දැනගන්නට ලැබුණේ. මේ අතර ඇය මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ඡායාරූප පෙළක්ද සමාජ මාධ්‍යයට එක් කිරීමටයි කටයුතු කර සිටියේ. ඉතින් මේ විදිහට සිය සැමියා සමගින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගතකරන ඇයට ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා.

 

 

 

 

 

 

views

11070 Views

Comments

arrow-up