සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය එළඹෙන 18 වැනිදා

2019 සිට 2022 වසර වලට අදාල සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය එළඹෙන 18 වැනි දා පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3269 ක දී පැවැත්වීමට නියමිතය.
විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන තැපැල් මගින් එවනු නොලබන අතර රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් විදුහල්පතිවරුන් හරහා අදාල බාගතකිරීම කරගත යුතු වේ.
අපේක්ෂකයන්ගේ නම්, ජාතික හැඳුනුම්පත් අංක සහ ස්ත්‍රී පුරුෂ සංශෝධන තිබේ නම් එම වෙබ් අඩවිය තුළින් ම සිදු කරගත හැකි අතර සංශෝධන සඳහා අවස්ථාව මේ මස 12 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ද සඳහන් වේ.
358 Views
Comments