පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ප්‍රමිතියක් නැහැ

විදෙස් විශ්වවිද්‍යාල සමග අනුබද්ධව මෙරට පවත්වාගෙන යන පෞද්ගලික විශ්ව විද්‍යාලවල සිසුන් නවදහසක් පමණ අධ්‍යයන කටයුතු කරන නමුත්, එම විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති බව සඳහන් වේ.
ඇතැම් විශ්වවිද්‍යාල සමග පැවති ගිවිසුම්වලින් විදෙස් විශ්වවිද්‍යාල ඉවත් වී ඇති නමුත්, ඒ බව ප්‍රසිද්ධ නොකර පවත්වාගෙන යන විශ්ව විද්‍යාල ද පවතින බවට අනාවරණය වී ඇත.
මේ අතර විදෙස් විශ්වවිද්‍යාල සමග ගිවිසුම් ගතව ඇති බව ප්‍රසිද්ධ කර තිබෙන විශ්වවිද්‍යාල වල එවැනි ගිවිසුම් නොමැති බවද හෙළි වී ඇති බව සඳහන් වේ.
එම නිසා රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය සඳහා වෙන ම කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, මේ වන විට ඊට අදාළ පනත් කෙටුම්පත් සකස් කර ඇති බවද වාර්තා වේ.
එම විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අය කරන ගාස්තු සම්බන්ධයෙන් නියාමනයක් ඇති කිරීමද, මෙම කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණක් වී ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද මෙම කොමිෂන් සභාව යටතට පත් කිරීමට නියමිත වේ.
334 Views
Comments