පාසල් සිසුන් අතරේ ඉංග්‍රීසි බස ප්‍රචලිත කරන්න නව වැඩපිළිවෙලක්

පාසල් දරුවන් සඳහා කුඩා කාලයේ සිට ඉංග්‍රීසි භාෂාව හුරු කිරීම සඳහා ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන ක්‍රමවේදය මෙම මාර්තු මස 30 වනදා සිට දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටී.
මෙම වැඩසටහන මගින් කිසි විටෙකත් එක වසරේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමක් සිදු නොවන අතර, දරුවන් සහ ගුරුවරයා අතර ඉංග්‍රීසි භාෂාව වැඩි වශයෙන් භාවිතා කිරීම සිදු කෙරෙන බව සඳහන් වේ.
2024 වසරේ සිට පාසල් කාල සටහන අතීතයේ පැවති ආකාරයට ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
383 Views
Comments