සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට ඉදිරිපත්වීමට නොහැකි වූ සිසුන්ට විශේෂ නිවේදනයක්

අද පැවැත්වූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාසල් අයදුම්කරුවන් සඳහා ඉදිරියේදී එම විභාගය සඳහා පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව, මෙම වසරේ 12 වන ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත එම විභාගයට තම පාසල මගින් අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2019, 2020, 2021 සහ 2022 වර්ෂවල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් වෙනුවෙන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද පැවැත්වුණි. පෙරවරු 9.00 සිට මධ්‍යහන 12.10 දක්වා පැවැත්වූ මෙම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3269 කදී පැවැත්වූ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
361 Views
Comments