වර්ජන පැවතියද විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමේ තීරණයක්

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදු වුවද විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා ඇත.
රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල ඉහළ දැමීම ආදී කරුණු හේතුවෙන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක බවත් උසස් පෙළ පිළිතුරු පත් පරීක්ෂාව සඳහා ගුරුවරුන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද තවමත් කැමැත්ත පළ කර නොමැති බවත් එම සම්මේලනය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
378 Views
Comments