රැකියා වෙළෙඳපොළ නංවන්න තිරසාර වර්ධන කුසලතා ව්‍යාපෘතියක්

රට පුරා තෝරාගත් ඉගෙනුම් මධ්‍යස්ථානයන්හි 'තිරසාර වර්ධනය සඳහා කුසලතා (SSG)' නමැති ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), A. Baur & Co. Pvt Ltd. හි Swiss Hospitality & Management Academy (SHMA) සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹී ඇත.
2019 වසරේ සිට VTA සමග පවතින සාකච්ඡාවලින් පසුව ඇති කරගත් මෙම හවුල්කාරිත්වය සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉගෙනීම් හැකියාවන් ඉහළ නැංවීමේ සහ වර්තමාන ඉගෙනුම් අන්තර්ගතයන්, විෂයමාලා සහ ඉගැන්වීම් ක්‍රමවේද පෙළගැස්වීමේ අරමුණින් VTA හි දැනට පවතින ඉගෙනුම් මධ්‍යස්ථාන තෝරා ගැනීමේ සහ ඇගයීමේ ක්‍රියාවලියක් SHMA විසින් දියත් කර ඇත.
මෙම ක්‍රියාවලිය දිවයින පුරා දිස්ත්‍රික්ක 16 ක මධ්‍යස්ථාන 22 කින් දැනටමත් ආරම්භ කර ඇති අතර රට තුළ ඇති ඉගෙනුම් ප්‍රමිතීන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ශක්තිමත් කිරීම සහ මාස නවයක් වැනි කාලයක් තුළ රැකියා සඳහා මාර්ග සක්‍රීය කිරීම වේගවත් කිරීම මෙම SSG ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.
360 Views
Comments