විවෘත විශ්ව විද්‍යාලයේ සිසුනට එංගලන්තයේ අධ්‍යාපන වරම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

විවෘත විශ්ව විද්‍යාලයේ සිසුනට එංගලන්තයේ අධ්‍යාපන වරම්

විවෘත විශ්ව විද්‍යාලයේ සිසුනට එංගලන්තයේ අධ්‍යාපන වරම්

ඉදිරියේදී  එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ විද්‍යාවේ දී උපාධි පාඨමාලා හදාරන සිසුන්ට එම උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා තිබෙන බව වාර්තා වේ.

 

මෙරට දී වසර දෙකක අධ්‍යයන කාලයකින් පසු සුදුසුකම් සපුරන සිසුන්ට එසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට හැකි බවත්, විශේෂ උපාධියක් හදාරන්නේ නම් විවෘත විශ්වවිද්‍යාලයේ තුන් වසරක අධ්‍යයන කාලයක් සපුරා සුදුසුකම් ලැබිය යුතු අතර එසෙක්ස් විශ්වවිද්‍යාලය සමග එක්ව උපාධිය සම්පූර්ණ කිරීම සඳහා වැය කළ යුතු මුදල සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මෙතෙක් තීරණය කර නොමැති බවත් සඳහන්
වේ.

 

ඒ පිළිබඳව ඉදිරි සති දෙක ඇතුළත තීරණය කෙරෙන බව උපකුලපති කේ.පී.එස්. කරුණාතිලක මහතා කියා සිටී.

 

මේවනවිට විද්‍යාවේදී උපාධිය හදාරමින් සිටින සිසුන්ගේ සිට මෙම අවස්ථාව හිමි වන බවත්, එසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ගේ සීමාවක් නොමැති බවත් උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

views

349 Views

Comments

arrow-up