සිසු දරුවන් වෙනුවෙන් කැපවුණු දෙනියායේ උතුම් ගුරුවරු

සිය රාජකාරි කාලය තුළ දරුවන්ට ඉගැන්වීමේ කටයුතුවලින් බැහැරව තම ඉල්ලීම් වෙනුවෙන් වර්ජනය කරන ඇතැම් ගුරුවරු අතරේ තම සේවා කාලයෙන් බැහැරව රාත්‍රියේත් දරුවන් වෙනුවෙන් කැප වන ගුරුවරු පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය අධ්‍යාපන කලාපයේ පිහිටි පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයෙන් වාර්තා වේ.
අනෙකුත් පාසල්වලට වඩා පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයේ විශේෂත්වය වන්නේ ගුරුවරුන් රාත්‍රී කාලයේත් අමතර පන්ති පැවැත්වීම වේ. දිවා කාලයේ පාසල් ගොස් නැවත නිවෙස් බලා පිටත්ව යන දරුවන් පස්වරු 6.00 ට යළි පාසල් වෙත පැමිණ අතිරේක පංති සඳහා සහභාගි වේ.
පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයේ මෙන්ම අවට ප්‍රදේශවල සිටින වෙනත් පාසල්වල සිසු සිසුවියන්ද රාත්‍රී පංති සඳහා සහභාගි වන අතර වෙනත් පාසල්වල ගුරුභවතුන් ද ස්ව කැමැත්තනේම ඉගැන්වීම් සඳහා එක්වීම විශේෂත්වයකි.
රාත්‍රියේ පංති සඳහා සහභාගීවන දරුවන්ට කෑමවේලක් ලබාදීමටත් මව්පියන් අමතක කර නොමැති අතර මෙම උතුම් සද්ක්‍රියාවට මව්පියන් සිය ප්‍රශංසාව පළ කරයි.
409 Views
Comments