පෙට්‍රල් ලීටරයක් රු. 250ට දෙන්න පුළුවන්

මෙරට ජනතාවට පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙසිය පනහකට ලබාදීමේ හැකියාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වත්මන් ලෝක තෙල් මිල බැලීමේදී මෙරට පවතින ඉන්ධන මිල ගණන් වලට වඩා අඩු මිලට ලබාදිය හැකි බවයි.
ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල විශාල ලෙස පහත යමින් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා ඩොලර් 120 ට ගිය බැරලය දැන් 92 දක්වා පහළ බැස ඇති බවද සඳහන් කළේය.
තෙල් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
234 Views
Comments