වරා⁣යේ ලොකු වෙනසක් කරනවා - ඇමති නිමල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

වරා⁣යේ ලොකු වෙනසක් කරනවා - ඇමති නිමල්

වරා⁣යේ ලොකු වෙනසක් කරනවා - ඇමති නිමල්

 

ගුවනින් මෙන්ම නෞකාවලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් වෙනුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නවීන පහසුකම් ඇති කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ තත්වය ඊයේ(18) පෙරවරුවේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

 

මගී නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු නැව් සමාගම් හා නියෝජිතයින් සමග සාකච්ඡා කළ බව පැවසූ අමාත්‍යවරයා වරායේ ව්‍යාපාර ප්‍රවර්ධන කොට්ඨාශය අන්තර්ජාලය ඔස්සේ මේ සඳහා විශාල වශයෙන් ප්‍රචාරාත්මක වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතු බවද සඳහන් කළේය.

 

අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

 

සංචාරක මගී නෞකා කොළඹ වරායට පසුගිය කාලයේදී විශාල වශයෙන් පැමිණියා. නමුත් කොවිඞ් වසංගත තත්වය සහ පසුගිය දිනවල රටේ ඇති වූ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් මගී නෞකා පැමිණීම නැවතී තිබෙනවා. නමුත් ඉදිරියේදී එළැඹෙන සංචාරක සමය ඉලක්ක කරමින් සංචාරකයින්ගේ ආකර්ශනය ලබා ගන්නා අයුරින් මගී පර්යන්තය ඇතුළු පරිශ්‍රය නවීන පහසුකම් වලින් සමන්විතව සැකසිය යුතුයි. නවීන පහසුකම් සහත වායු සමනය කරන ලද නැවතීම් ශාලාවක්, සනීපාරක්‍ෂක පහසුකම්, ආකර්ශනීය තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්, ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කළ යුතුයි.

views

308 Views

Comments

arrow-up