ඖෂධ හිඟයෙන් රෝගීන් අපහසුවේ

ඖෂධ හිඟය මෙන්ම වෛද්‍යවරුන්ගේ හිගයෙන් සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් හටගෙන ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී (25) පැවසීය.
ඉතා දරුණු ඖෂධ හිගයක් රජයේ රෝහල්වලත් පුද්ගලික අංශයේත් පවතින බවත් බොහෝ ඖෂධ ෆාමසි මගින් මුදල් දී ලබාගැනීමටවත් නොමැති බවත් සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
පිළිකා වලට අවශ්‍ය ඖෂධ, ජීවිත ආරක්ෂක ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් හිඟ වීමෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
278 Views
Comments