සහල් කිලෝවක් රුපියල් 300ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
19

සහල් කිලෝවක් රුපියල් 300ට

සහල් කිලෝවක් රුපියල් 300ට

 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන පරිදි ආනයනික සහල් සත්ව ආහාර සඳහා යොමු කළහොත් ලබන මාසයේ සිට සහල් කිලෝවක් රුපියල් තුන්සීයක් දක්වා මිල ඉහළ යනු ඇති බව එක්සත් සහය නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

 

එහි සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කරන්නේ ඇමතිවරුන්ගේ අදහස ඒ අයුරින් ම අනුමත කරන නිලධාරීන් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින බවත් ආනයනික සහන් සහල් කුකුළන්ට කැවීමේ යෝජනාව එම නිලධාරීන් විසින් දී ඇති ලණුවක් බවත් ය.

 

ආනයනික සහල්වලට වැට බැඳීමට ගන්නා මේ උත්සාහය තුළ ඇත්තේ දේශීය සහල් මාෆියාව බවද සභාපතිවරයා සඳහන් කළේය.

 

ඇමතිවරුන් හා ටයි පළඳින නිලධාරීන් දෙන ලණු කන්නට එපා යැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද පැවසූ සභාපතිවරයා එසේ නොවුණහොත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අත්වූ ඉරණම වත්මන් ජනාධිපතිටද අත් වීම වැළැක්විය නොහැකි බවද තවදුරටත් කියා සිටියේය.

 

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

views

197 Views

Comments

arrow-up