නෙළුම් කුළුණ මාකට් කලොත් රටේ ආර්ථිකය ගොඩ

ආයතනයේ ප්‍රශ්න පිටට නොදී ආයතනය ඇතුළතදීම විසඳා ගැනීමට සියලුම පාර්ශවයන් උත්සහ ගත යුතු බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
රාජ්‍ය ආයතන බොහෝමයක් කඩා වැටීමට හේතුව ආයතනයේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගෙන එකිනෙකාට චෝදනා කර ගැනීම බවද ඔහු සදහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“මේක සියලුම දෙනාට අභියෝගාත්මක කාලයක්. රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්වෙලා. ජනතාව ජීවන බරින් හෙම්බත් වෙලා ඉන්න කාලයක්. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ අර්බුදකාරී අවස්ථාවේ අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මේ වෙලාවෙ ඉවසීමෙන් වැඩ නොකලොත් ප්‍රශ්න තවත් වැඩි වෙනවා.
ලංකාව ඉදිකිරීම් කේෂ්ත්‍රයෙන් ඉදිරියෙන්ම සිටි රටක්. අපි වරායන් හැදුවා. ගුවන්තොටුපළක් හැදුවා. නමුත් අපිට ඒක මාර්කට් කරන්න බැරිවුණා. අපිට වැරදුණේ එතනයි. දැන් නෙළුම් කුළුණට බනිනවා. අපි හරියට නෙළුම් කුළුණ මාර්කට් කර ගත්තොත් එය ආර්ථිකමය වශයෙන් රටට ගොඩක් වාසි වේවි.
221 Views
Comments