ජනපති රනිලුත් මගේ ශිෂ්‍යයෙක් - ජී.එල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

ජනපති රනිලුත් මගේ ශිෂ්‍යයෙක් - ජී.එල්

ජනපති රනිලුත් මගේ ශිෂ්‍යයෙක් - ජී.එල්

 

ජනපතිවරයා තෝරා ගන්නා ඡන්ද විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යෝජනා කළේ ඩලස් අලහප්පෙරුමගේ නමය. එනමුත් එම පක්ෂයේ මහ ලේකම් ඇතුළු බහුතර මන්ත්‍රීන් ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහට බව රහසක් නොවේ. ඒ අතරේ මහින්ද රාජපක්ෂ කීවේ තම අපේක්ෂකයා ඩලස් බවත් තමන් ඡන්දය දුන්නද ඔහු පරාජය වූ බවය. ඇත්තටම ජනාධිපතිවරයා තෝරන ඡන්දයේදී දේශපාලනයේදී තම පස මිතුරකු වූ රනිල්ට ඡන්දය දීමට පොහොට්ටුවේ සභාපතිවරයාත් නොදන්වා තීරණය ගත්තේ කවුද? මේ ඒ ගැන මහාචාර්ය ජී.එල්. පීරිස් සතිඅග අරුණ සමග කළ සාකච්ඡාවකි.

 

ඇමැතිවරයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විතරක් නොවෙයි, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තීරණ පිළිබඳ විශාදරයෙක් ලෙස ඔබ ප්‍රකටයි. ඔබට තේරෙන හැටියට පසුගිය දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ සොයාගත හැකි හොඳම විසඳුමද අපි දැන් සොයාගෙන තිබෙන්නේ?

 

හොඳම විසඳුම කියා මම හිතන්නේ නැහැ. ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. පාර්ලිමේන්තු ක්‍රමයේ හරය එයයි. නමුත් වර්තමානයේ විශාල පරතරයක් තිබෙනවා. එය අහසයි පොළොවයි වගේ වෙනසක්. එම නිසා කිසිම ප්‍රශ්නයකට විසඳුම් සෙවීම අසීරුයි. පාර්ලිමේන්තුව හරහා ඕනෑම අර්බුදයකට විසඳුම් සෙවිය යුතුයි. ඊට අවශ්‍ය ප්‍රතිපත්ති හදන්නේ පාර්ලිමේන්තුවෙන්. ජන මතය පාර්ලිමේන්තුවේ නියෝජනය නොවීම නිසා නිසි පරිදි ප්‍රතිපත්ති සකස් කරන්න බැහැ.

 

මෙවැනි තත්ත්වයක් මීට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිදුවී තිබෙනවාද?

 

කිසිම දවසක සිදුවූයේ නැහැ. මෙය අද්විතීය අවස්ථාවක්.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගෙන තිබෙනවා. දැන් ප්‍රධාන වශයෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් කරන විවේචනය තමයි ජන වරමක් ජනාධිපතිවරයාට නොමැති බව කීම. මෙම විවේචනය සාධාරණද?

 

ඔව්. පොදුවේ රටේ තිබෙන මතය හා පාර්ලිමේන්තු මතය එකම විය යුතුයි. එවැනි පාර්ලිමේන්තුවක් අද නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනි ප්‍රතිපත්තියක් ජනතාවට ඉදිරිපත් කළා. එම නිසයි අපට ජනවරම ලැබුණේ. නමුත් එය උඩු යටිකුරු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු එකසිය එකක් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රිවරයාට ඡන්දය ලබා දුන්නා. මට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග තරහක් නැහැ. ජනවරමට පටහැනි නිසා ඉදිරිපත් වන විවේචන සාධාරණයි. ජනතා අභිලාෂ ඉටුවන්නේ නැහැ.

 

වත්මන් ජනාධිපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේදී ඔබගෙන් නීතිය ඉගෙන ගත්තාද?

 

ඔව්, මගෙන් නීතිය ඉගෙන ගත්තා. මම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන ලංකාවට පැමිණ උගන්වන වෙලාවේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ ජනාධිපතිවරයාත් සිටියා.

views

241 Views

Comments

arrow-up