රුසියානු යුක්‍රේන යුද්ධය සංවර්ධිත රටවල ජනතාවටත් තුන් වේල අහිමි කරලා - ජනාධිපති රනිල්

රුසියානු යුක්‍රේන යුද්ධය ගෝලීය ආහාර අනාරක්ෂිතභාවය ඇතිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එමගින් තුන්වන ලෝකයේ රටවල මෙන්ම සංවර්ධිත රටවල පවා ජනතාවට තුන්වේල අහිමි කර ඇති බව ජනාධිපතිවරයා පවසා තිබුණි.
ඊප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා යෝජනා කර තිබුණේ දේශගුණික විපර්යාස පිළිබඳ සියලු දෙනාට ම අධ්‍යයනය කළ හැකි ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමටයි.
216 Views
Comments