කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමට නියෝග

ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමට නියෝග කරමින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පසුගිය මැයි 10 වනදා කතරගම ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණේ එහි සභාපතිවරයා ඇතුළු සභාවේ අකාර්යක්ෂමතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහාය.
ඒ සඳහා පත් කළ විශ්‍රාමික අධිකරණ විනිසුරු එච්.එම්.ආර්. අනුර කුමාරගේ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
නව ප්‍රාදේශීය සභාවක් සංස්ථාපනය කරන තෙක් හෝ නැවත නියාමනය කරන තෙක් කතරගම ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීමට සහ කාර්යය ඉටු කිරීම සඳහා මොණරාගල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාට ඊයේ (22) දින සිට ක්‍රියාත්මක වන පරිදි බලය පවරා තිබේ.
247 Views
Comments