හෙට ඡන්දයෙන් 22 පරාදයි - බැසිල් ලබන මාසයේ ලංකාවට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම හෙට (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී එය අනිවාර්යයෙන්ම පරාජයට පත්වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය මෙම පනත් කෙටුම්පතට විරුද්ධ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් දැනටමත් ප්‍රකාශ කර තිබේ.
එම තත්වය යටතේ එය සම්මත කිරීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව පාර්ලිමේන්තුව තුළ කිසිසේත්ම ලබාගැනීමේ හැකියාවක් නොමැති බව පැහැදිලි ය.
එසේම දැනට විදෙස්ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ලබන මාසයේදී නැවතත් දිවයිනට පැමිණෙනු ඇති බවත් එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස බැසිල් රාජපක්ෂට එම පක්ෂයෙන් දැඩි ඉල්ලීම් කෙරෙන බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළ අතර ඔහු දිවයිනට පැමිණි පසු එම ඉල්ලීම පිළිගනිමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගනු ඇති බවත් පක්ෂ ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
239 Views
Comments