පක්‍ෂ සම්මේලනයේදී ජී.එල්. උඩින් අරිනවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

පක්‍ෂ සම්මේලනයේදී ජී.එල්. උඩින් අරිනවා

පක්‍ෂ සම්මේලනයේදී ජී.එල්. උඩින් අරිනවා

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්‍ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා උඩීන් යවන බවත් සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (22) පැවසීය.

 

පොදුජන පෙරමුණ පක්‍ෂයට ව්‍යවස්ථාවක් තිබුණ ද විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද මෙන්ම එවැනි දෙයකට හදිසියක් නොමැති බව කී විමලවීර දිසානායක මහතා ජී. එල්. පීරිස් මහතා සභාපති පුටුවේ තබා කොන්ක්‍රීට් කර නොමැති බව ද සඳහන් කළේය.

 

පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස කුණාටුවට හසුව කිසියම් ඡන්ද සුළගකට හසුව සිටිය ද ඇදවැවී නොමැති බවත් ජයග්‍රහණයම පතන අය එවැනි අවස්ථාවල පක්‍ෂයේ නොරැදෙන බවත් විමලවීර දිසානායක මහතා කීය.  

 

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා එසේ පැවසීය.

views

210 Views

Comments

arrow-up