ශ‍්‍රී ලන්කන්ට කිසිම ගුවන් යානයක් අයිති නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

ශ‍්‍රී ලන්කන්ට කිසිම ගුවන් යානයක් අයිති නෑ

ශ‍්‍රී ලන්කන්ට කිසිම ගුවන් යානයක් අයිති නෑ

 

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසිකව රුපියල් මිලියන 100 ක පාඩුවක් ලබන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

 

ආයෝජකයෙකු එහි ආයෝජනය කිරීමට කැමති නම් රජය සලකා බලන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.

 

කොරෝනා වසංගතය සහ රට පුරා පැතිර යන විරෝධතා වැනි හේතු හේතුවෙන් ගුවන් ගමනාගමනයේ අඩුවීමක් සිදුව ඇති බවද පැවසූ අමාත්‍යවරයා රත්මලාන සහ පලාලි ගුවන් තොටුපළ ද සැලසුම් කළ පරිදි සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ඇතැයිද පැවසීය.

 

‘පලාලි ගුවන් තොටුපළට ගුවන් සමාගම් කිහිපයක් තම සේවා ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුවද එක ගුවන් යානයක්වත් එහි පැමිණෙන්නේ නෑ. එයාර් ඉන්දියා සමාගම ද ඔවුන්ගේ සේවා ක්‍රියාත්මක කිරීමට එකඟ වූ නමුත් එය සිදු වූයේ නෑ. මාලදිවයිනේ ගුවන් සේවයක් සමඟ රත්මලාන ගුවන් තොටුපළේ දියත් කළ ව්‍යාපෘතිය අසාර්ථකයි’

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක පාඩුවක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කිසිදු ගුවන් යානයක් අයිති නැති එහි ඇති ගුවන් යානා 23ම බදු පදනම මත ලබා ගත් ඒවා බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

views

252 Views

Comments

arrow-up