ඩොලර් සංචිත වැඩි කල හැක්කෙ රනිල්ට පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

ඩොලර් සංචිත වැඩි කල හැක්කෙ රනිල්ට පමණයි

ඩොලර් සංචිත වැඩි කල හැක්කෙ රනිල්ට පමණයි

කොරෝනා වසංගත කාලසීමාවෙි දී ලෝකයේ වෙනත් රටවල විදේශ විනිමය සංචිත ඇමරිකා ඩොලර් බිලියන ගණනින් වැඩී වී තිබෙන නමුත් ඩොලර් සංචිත අඩුවූ එකම රට ශ්‍රී ලංකාව බව ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

 

 

මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි ආකාරයකට හසුරුවා තිබෙන බව යැයි අබේවර්ධන මහතා කීය.

 

 

රටේ ජනතාව ජීවත් කරවන්න නම් සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් රටට අවශ්‍යකර ඇතැයි ද  ඒ විදේශ විනිමය  රටට ලබාගැනීමට හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණකියි ද වෘත්තීයවේදීන් පිරිසක් සමග කොළඹදී පැවැති  සාකච්ඡාවකදී අබෙිවර්ධන මහතා සඳහන් කළේ.

views

733 Views

Comments

arrow-up