තනතුරු නැතිව පොහොට්ටුවේ කට්ටිය කලකිරෙයි

ආණ්ඩුවේ තනතුරු නොලැබීම සම්බන්ධයෙන් ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ කලකිරුණු හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව දැනගන්නට ඇත.
එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද සිකුරාදා දහවල් හමුවී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි බව දැනගන්නට ඇත.
236 Views
Comments