සහල් මිල පාලනයේ බලතල බන්දුලට - නාඩු 100යි සම්බා 130යි සහතිකයි

වෙළෙඳපොළ සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට විශේෂ අවසරයක් ලබාදී තිබෙනවා.
සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යන බවට සහල් සහල් මාෆියාකරුවන් මතවාදයක් ගොඩ නගමින් පවතින බව වෙළඳ අමාත්‍යවරයා කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කුමන තත්වයක් යටතේ වුවත් මෙම වසර පුරා නාඩු සහල් රු.100ට අඩුවෙන් සහ සුපිරි සම්බා සහ රු.130ට අඩුවෙන් පවත්වාගෙන යාම සහතික කරන බවයි.
1399 Views
Comments