කුඩම්මාගේ බෙල්ල කැපූ නරුම පුත්‍රයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

කුඩම්මාගේ බෙල්ල කැපූ නරුම පුත්‍රයා අත්අඩංගුවට

කුඩම්මාගේ බෙල්ල කැපූ නරුම පුත්‍රයා අත්අඩංගුවට

දෙහිවල - කළුබෝවිල නිවසක් තුළ කාන්තාවකගේ ගෙලකපා මාරාන්තික ලෙස තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත්කළ පුතෙකු ඒ සඳහා රැගෙන පැමිණි පිහියද සමඟ කොහුවල පොලිස් අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ශ‍්‍රී මහා විහාර මාවත ප්‍රදේශයේ පදිංචි 26 වන වියේ පසුවන අත්අඩංගුවටපත් සැකකරු මත්කුඩු පානයට ඇබ්බැහි වුවෙකු බවද පොලිසිය පවසයි. මොහු සමඟ ඔහුගේ පියා හා දෙවන විවාහයේ කුඩම්මාද එකම නිවසේ පදිංචිව සිට ඇත.

 

සැකකරුගේ පියා වෙනම කාමරයකද පුතා හා කුඩම්මා වෙනම කාමරයකත් රාත‍්‍රියගතකොට තිබේ.

 

සිද්ධිය වූ දින රාත‍්‍රී රෝහල් ගතකල කාන්තාව “මාව මරන්න හදනවෝ’ යනුවෙන් කෑගැසීම ඇසී පියා එම කාමරයට යන විටත් පුතා ඇයගේ ඇඟ උඩ නැග උල් පිහියකින් ගෙල කැපීමට උත්සාහ කරනු දැක ඔහුව ඇදදමා තිබේ. 

 

ඒ වන විටත් ඇගේ උදර ප‍්‍රදේශයට දරුණු ලෙස තුවාල සිදුවී තිබීම නිසා දකුණු කොළඔ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍යය තත්වයෙන් ප‍්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.

 

සිද්ධියෙන් අනතුරුව සැකකාර පුත්‍රයා වෙනත් නිවසක සැඟව සිටියදී තුවාල සිදුකිරීමට යොදාගත් පිහියද සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

views

959 Views

Comments

arrow-up