ධීවර සංස්ථාවෙන් මාළු බජට් පැකට්ටුවක්

පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමට ධීවර සංස්ථාව මගින් මත්ස්‍ය බජට් පැකට් එකක් හඳුන්වා දෙනු ලැබීය.
අද දහවෙනිදා පළමු බජට් පැකට් එක බම්බලපිටිය මත්ස්‍ය අළෙවිසැල යෙදී යෙදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මහතා ට ලබා දීම සිදු විය.
මෙම බජට් පැක් එක හඳුන්වාදීම මගින් ලංකාවේ මත්ස්‍ය පාරිභෝගික ජනතාවට විශාල සහනයක් සිදුවන බව එම අවස්ථාවට එක්වෙමින් එක් වෙමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කර සිටියේ ය.
මේ බජට් පැකට්ටුව සඳහා කෙලවල්ලා ,තලපත් , ඉස්සා, සාලය , උම්බලකඩ ඇතුළු මත්ස්‍ය වර්ග පහක් ග්‍රෑම් 350 බැගින් ඇති අතර එහි මිල රුපියල් 1350 ක් වේ.ඒ ඒ දිනවල පවතින මිල ගණන් අනුව සුළු මිල වෙනස් වීමක් සිදුවිය සිදු විය හැකි බවද මත්ස්‍ය මිල අඩු වූ වහාම එහි මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ධීවර සංස්ථාවේ කළමනාකාර කළමණාකාර අධ්‍යක්ෂක චතුරංග උඩවත්ත මහතා ද සහභාගී වූහ.
572 Views
Comments