පාසල් ගුරු විවේකාගාරයේදී පාසල් සිසුවියකට හමුදා සෙබළෙකු කළ මහා අපරාධය මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

පාසල් ගුරු විවේකාගාරයේදී පාසල් සිසුවියකට හමුදා සෙබළෙකු කළ මහා අපරාධය මාට්ටු

පාසල් ගුරු විවේකාගාරයේදී පාසල් සිසුවියකට හමුදා සෙබළෙකු කළ මහා අපරාධය මාට්ටු

තිරප්පනේ ප්‍රදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන 24 හැවිරිදි යුද හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය පවසයි.


 
මෙම සැකකාර හමුදා සෙබළා මීට සති කිහිපකට පෙර 15 හැවිරිදි සිසුවිය පාසල් ගුරු විවේකාගාරයක් තුළදී අපයෝජනය කළ බවට දැරිය ඇයගේ මවට පැවසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි.


පැමිණිල්ල සම්බන්ධයනේ මූලික විමර්ශන මෙහෙයවා සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම සිදුවීම සිදුව ඇත්තේ පාසල් වේලාවෙන් පසුව බවත් මූලික පොලිස් විමර්ශවලදී අනාවරන වී තිබේ.

views

1538 Views

Comments

arrow-up