ගෙට ගැහුවා කියා වාහනයට ගිනි තබා පළිය ගත් මන්ත්‍රී (VIDEO)

වාහනයකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධව හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති රංජිත් ඉලේපෙරුම අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔහු මෙම වාහනයට ගිනි තැබීමට උත්සහ දරා ඇත්තේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදීය.
පසුගිය 09 වනදා ඇතිවූ සිද්ධියේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ කහතුඩුව ප්‍රදේශයේ නිවසට කිසියම් පිරිසක් පහරදී තිබුණි.
එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඊයේ ඉදිරිපත් කළේය.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මෙලෙස ගිනි තබා තිබෙන්නේ සැකකරුවන්ගේ සමීපතමයින් පිරිසක් අධිකරණයට පැමිණි වාහනයකටය.
පොලීසිය පැවසුවේ තම නිවසට පහරදීමේ සිද්ධියට ඇතිවූ තරහා හේතුවෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මෙලෙස වාහනයට ගිනි තබන්නට ඇති බවයි.
කෙසේවුවත් මෙම ගිනි තැබීමෙන් වාහනයට අලාභ හානි සිදුවී නොමැත.
655 Views
Comments