වෙඩි පහරින් තැඹිලි ව්‍යාපාරික එක්දරු පියා ලොරිය තුළම අවසන් ගමන් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

වෙඩි පහරින් තැඹිලි ව්‍යාපාරික එක්දරු පියා ලොරිය තුළම අවසන් ගමන් යයි

වෙඩි පහරින් තැඹිලි ව්‍යාපාරික එක්දරු පියා ලොරිය තුළම අවසන් ගමන් යයි

අලු‍ත්ගම, මොරගල්ල, මරදාන පාරේ ඊයේ (03) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් එක්දරු පියෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි අලු‍ත්ගම පොලිසිය කියයි.

 

වෙඩි තැබීමෙන් මියගොස් තිබෙන්නේ බේරුවල පරණ කඩේ, රේගුව පාරේ පදිංචිව සිටි මෝදර පේඩිගේ ගයාන් සම්පත් නමැති 43 හැවිරිදි අයෙකි.

 

දෛනිකව තැඹිලි වෙළෙඳාමේ නිරත ඔහු ඊයේ(03) උදෑසන අලු‍ත්ගම, මොරගල්ල, මරදාන පාරේ තැඹිලි කැපීමේ නිරතව සිට ඇත. 

 

එහිදී උදෑසන 8.30ට පමණ නිවසක් ඉදිරිපිට කුඩා ලොරි රථය නවතා තැඹිලි ලබාගෙන නැවත ලොරියට පැමිණි අවස්ථාවේදී වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය පවසයි.


කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදු කරන ලද අතර ලොරි රථය ඉදිරිපිට මිලි මීටර් 9 වර්ගයේ හිස් කොපුවක් වැටී තිබී හමුවූ බව පොලිසිය කියයි.

 

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අලු‍ත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

678 Views

Comments

arrow-up