ගමක් කම්පා කරවමින් රුපියල් 100කට දෙනෝදාහක් ඉදිරියේ සිදුවූ අමානුෂික ඝාතනය - ඝාතකයා වැමැරූ දේ මෙන්න

රත්නපුර, කෙහෙල්ඔවිටිගම පදිංචි මයෝනිකා ප්‍රසලානී නම් අවුරුදු 23ක තරුණිය කිරිඇල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර නිවස බලා යමින් සිටියදි ඝාතනය කළ බවට සැකපිට එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙකු ඝාතනය සිදුකර පැය 24ක් යෑමටත් මත්තෙන් ඇලපාත පොලිසියේ නිලධාර්න් විසින් පසුගිය 1දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
කසිප්පු බීමට රුපියල් 150ක් ඉල්ලා එය නොලැබීමෙන් කේන්තිගොස් මෙම තරුණියට පිහියෙන් ඇන මරා පසුව කාන්තාවගේ අත රැඳි ගමන් මල්ල ද රැගෙන සැකකරු පළා ගොස් ඇතැයි තොරතුරු හෙළිව ඇත.
මෙම සිදුවීම ඒ අසල පිහිටි වතු නිවාස කිහිපයක ජනතාව දැක ඇතැයිද ඒ අයගේ කෑ ගැසීමට ගමේ තවත් පිරිසක් එම ස්ථානයට පැමිණෙන විට ඝාතකයා පලාගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
පිහි පහරට ලක් තුවාලකාරිය රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර පසුව ඇය ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මත්කුඩු හා මත්ද්‍රව්‍ය ලෝලියකු බව හෙළි වී තිබේ.
701 Views
Comments