පිළියන්දල නිවසකින් අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

පිළියන්දල නිවසකින් අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්

පිළියන්දල නිවසකින් අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්

පිළියන්දල, තුම්බෝවිල නිවසක තනිව ජීවත්වූ පුද්ගලයෙක් නිවස තුළ මිය ගොස් සිටියදී අද(28) හමුවූ බව පිළියන්දල පොලිසිය පවසයි. 

 

මෙලෙස මියගොස් ඇත්තේ සරත් දන්තනාරායන නම් 60 හැවිරිදි එක් දරු පියෙකි.

 

 මියගිය තැනැත්තාගේ බිරිඳ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටිනමුත් ඇය සමඟ නොසිට මෙම පුද්ගලයා මෙම නිවසේ තනිව ජීවත්ව තිබේ.  

 

මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද ඔහු ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින්    ඔහු රැකියාව කරන පෞද්ගලික ආයතනයේ සේවකයෙකු පැමිණ දොරට තට්ටු කර කතා කර තිබේ.

 

එහෙත් ඊටද ප්‍රතිචාර නොදැක්වූ බැවින් කවුලු‍වකින් නිවස බැලීමේදී එම පුද්ගලයා මුනින් අතට වැටී සිටිනු දැක ඒ බව පොලිසිය වෙතට දැන්වූ බවත් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

මෙම පුද්ගලයාට රෝග කිහිපයක්ම වැළඳී තිබුණු බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. 

 

මහේස්ත්‍රාත්වරයා විසින් පශ්චාත් පරීක්ෂණ පරීක්ෂණ පැවැත්වූ අතර ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින්ද කැඳවා පරීක්ෂණ සිදු කල බව පොලිසිය කියයි.

views

823 Views

Comments

arrow-up