ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරුවෙන් මන්ත්‍රීවරිය රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරුවෙන් මන්ත්‍රීවරිය රෝහලට

ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරුවෙන් මන්ත්‍රීවරිය රෝහලට

අද(21) දින අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අවස්ථාවේ ඇති වූ ගුටි බැට හුවමාරුවකදී තුවාල ලැබූ එජාප මන්ත්‍රිවරියක් 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර තිබේ.

 

එම ගැටුමට සභාපතිවරයාද මැදිවී ඇතැයි තහවුරු නොවු ආරංචි මාර්ග පවසයි.

 

කණ ප්‍රදේශයට වැදුණු පහරක් හේතුවෙන් ලේ ගලන තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රා සභා මන්ත්‍රීවරයාට එල්ල වූ විරෝධතාවය ගුටිබැට හුවමාරුක් දක්වා වර්ධනය වී තිබෙන අතර දහවල් 12.30 දක්වා සභාව උණුසුම් වී ඇතැයි වාර්තාවේ.

views

736 Views

Comments

arrow-up