ඉදිරියේදී ඩේටා පැකේජ් සඳහා තහනමක්

ඉදිරි කාලය තුළදී නයිට් ටයිම් ඇතුළත් ඩේටා පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදීමට කටයුතු කරන බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පැවසුවේය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ නයිට් ටයිම් ඩේටා ලෙස විශාල ඩේටා ප්‍රමාණයක් වෙන්කර තැබීම ගැන ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබි ඇති බවයි.
නයිට් ටයිම් වශයෙන් සන්නිවේදන පහසුකම් සපයන ආයතන ලබාදෙන්නේ තමන්ගේ පැකේජයට අදාළව නොමිලේ ලබාදෙන ඩේටා ප්‍රමාණයක් වුවත් අදාළ සමාගම් එම ඩේටා ප්‍රමාණයද දහවල් කාලයේ ලබාදෙන ඩේටා ප්‍රමාණය හා එක්කර ලැබෙන සංඛ්‍යාව ලෙස වෙළෙඳ ප්‍රචාරයේදී යොදාගැනීම තුළින් අදාළ ගැටළුව හටගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
වැරදි වෙළෙඳ සන්නිවේදන නිසා පාරිභෝගිකයින් නොමඟ යන බවත් ඒ අනුව මෙම නයිට් ටයිම් ඩේටා ගැටළුව ඇතිවී ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.
මේ වන විට නයිට් ටයිම්, ඩේ ටයිම් ලෙස බෙදා වෙන්කර ඇති පැකේජයන් සඳහා ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂම විසින් අවසර ලබා නොදෙන බව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
වෙන් කිරීමකට ලක් නොකළ වඩා ලාභදායී පැකේජයන් මේ වන විටත් දුරකථන සමාගම්වලින් මේ වන විටත් නිකුත් කර ඇති බවත්, ඔවුන්ගේ නිල වෙබ් අඩවියට ගොස් ඒ පිළිබදව පිරික්සා නව පැකේජවලට මාරු වන ලෙසත් ඕෂධ හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
877 Views
Comments