ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි - මුහුදු ප්‍රදේශද මදක් රලුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි - මුහුදු ප්‍රදේශද මදක් රලුවේ

ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි - මුහුදු ප්‍රදේශද මදක් රලුවේ

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

 

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

 

පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කන්කසන්තුරය සිටමන්නාරම හරහා පුත්තලම දක්වා  සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය වැඩි විය හැකි අතර පුත්තලම සිට කොළඹ  හරහා ගාල්ල  දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 පමණ දක්වා වැඩි වේ. 

 

පුත්තලම සිට කොළඹ  හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැකි   අතර   කන්කසන්තුරය සිටමන්නාරම හරහා පුත්තලම දක්වා  සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

 

ධීවර සහ නාවික  ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස  ඉල්ලා සිටිනු ලැබේ.

views

707 Views

Comments

arrow-up