AUG
31
දෙදහසේ දීමනාව තාවකාලික සහනයක් - අජිත් නිවාඩ් කබ්‍රාල්

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසා සිටියේ නිරෝධායන නීතිය ක්‍රියාත්මක වන කාලයේදී දෛනික ආදායම් අහිමි වූ පුද්ගලයන්ට රුපියල් දෙදහසේ දීමනාව ලබා දීම තාවකාලික සහනයක් පමණක් බවයි.
එතුමා වැඩිදුරටත් පවසා සිටියේ දෛනික ආදායම් අහිමි වූවන්ට දෙදහසේ දීමනාව ලබා දීමට වඩා වැදගත් වන්නේ ඔවුන්ට සිය ජීවනෝපාය සිදුකර ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.
897 Views
Comments