සමහරුන්ට උවමනාව තියෙන්නේ 86,89 කාලෙට රට ගෙනියන්න - නාරම්පනාවේ ආනන්ද හිමි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
24

සමහරුන්ට උවමනාව තියෙන්නේ 86,89 කාලෙට රට ගෙනියන්න - නාරම්පනාවේ ආනන්ද හිමි

සමහරුන්ට උවමනාව තියෙන්නේ  86,89 කාලෙට රට ගෙනියන්න - නාරම්පනාවේ ආනන්ද හිමි

86,89 කාලයේදී සිදු වූ දේවල් තවමත් අමතක වී නොමැති බවත් ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ  අදත් රට එම තත්ත්වයට පත්කිරීමට  බව අස්ගිරි පාර්ශවයේ  නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසනවා.

 

උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා උන්වහන්සේව බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසූයේ මෙය  විපක්ෂයේ සිට කෑ ගැසීමට නොව සාමූහිකව එකතුවී කටයුතු කළ යුතු අවස්ථාවක් බවයි.

 

අනෙක් ධනවත් රටවල් වලට තිබෙන ආර්ථික මට්ටම ලංකාවට නොමැති බවත් රටක් වසාගෙන මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් ආනන්ද හිමියන් සඳහන් කළා.

views

1017 Views

Comments

arrow-up