කඩසාප්පු වැසීම පසුපස දේශපාලනයක් තිබෙනවා - ඇමති ජොන්ස්ටන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
17

කඩසාප්පු වැසීම පසුපස දේශපාලනයක් තිබෙනවා - ඇමති ජොන්ස්ටන්

කඩසාප්පු වැසීම පසුපස දේශපාලනයක් තිබෙනවා - ඇමති ජොන්ස්ටන්

නගරවල කඩ සාප්පු වසාදැමීම පසුපස ඇත්තේ දේශපානයක් බවත් එහි අරමුණ රට තුළ වෙනත් මතයක් ගොඩනැගීම බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

 

ජනතාව කඩසාප්පු වසාදැමීමට පෙර කළ යුතුව තිබුණේ උද්ඝෝෂණවලට සහයෝගය නොදී උද්ඝෝෂණ නතර කිරීම බවද අමාත්‍යවරයා කීවේය.

 

නමුත් ජනතාව එම අවස්ථාවේදී කළේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බව සිතා ඒවාට සහයෝගය ලබාදීම බවකී ඇමතිවරයා එදා කඩ වසා උද්ඝෝෂණ එපා යැයි කියන්නට තිබූ බවද පැවසුවේය.

 

මේ සැම දෙයක්ම පිටුපස ඇත්තේ දේශපාලනය බවත් ඔවුන්ගේ උත්සාහය රට අක්‍රීය කිරීම බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

 

මෙවැනි දේ කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකළ පිරිස් යැයි ද කී ඇමතිවරයා උද්ඝෝෂණ නිසා ඇතිවන කොරෝනා පොකුර නැවැත්වීමට උත්සාහ කිරීමේදී ඇතැමුන් එය දේශපාලන මර්දනයක් ලෙස දුටු බවත් කීවේය. 

 

විපක්ෂයට අවශ්‍ය ජනතාවගේ මලමිනී මතින් හෝ දේශපාලනය කිරීම බව ද හෙතෙම සඳහන් කළේය.

views

779 Views

Comments

arrow-up