කොවිඩ් වැළඳී නිරෝධායනයේ සිටි දැරිය හුමාලය අල්ලන්න ගොස් උණුවතුරට පිච්චී රෝහලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
17

කොවිඩ් වැළඳී නිරෝධායනයේ සිටි දැරිය හුමාලය අල්ලන්න ගොස් උණුවතුරට පිච්චී රෝහලේ

කොවිඩ් වැළඳී නිරෝධායනයේ සිටි දැරිය හුමාලය අල්ලන්න ගොස් උණුවතුරට පිච්චී රෝහලේ

කොරෝනා ආසාදිතව වෛද්‍ය උපදෙස් මත නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් හුමාලය ඇල්ලිම සදහා ලබාදුන් උණු ජලය සිරුරේ හැලි අද(17) දින ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි  පොලීසිය පවසයි.

 

ආණමඩුව මැරුංගොඩ වයස අවුරුදු 10 ක දැරියක් මෙසේ රෝහල් ගත කර ඇත.

 

මෙම දැරියට හා ඇගේ මවට කොවිඩ් වෛරසය ආසාදිතව ඇත්තේ දින කිපයකට පෙර බවත් සෞඛ්‍ය උපදෙස් මත නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ උණු ජලය සිරුරේ හැලි පිළිස්සි ඇති බවත් පොලිසිය කියයි.

 

දැරියව ආරක්ෂිතව ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු කෝවිඩ් ඒකකයට යවා අදාල ප්‍රතිකාර ලබා දිම ආරම්භ කර තිබුණු අතර දැරියගේ තත්වය බරපතල නොවන බවත් දැරිය නිසි සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

views

1096 Views

Comments

arrow-up