පොහොර කාර්‍යාලයේ අධ්‍යක්ෂක තනතුරෙන් පහ කෙරේ

යල කන්නයට අවශ්‍ය පොහොර තොග නියමිත වෙලාවට බෙදාහැරීමට කටයුතු නොකර බැවින් ජාතික පොහොර ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ රොෂාන් එම තනතුරෙන් ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා ඇත.
පෙරේදා මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා , පෞද්ගලික සමාගම්වලින් ගෙන්වන ලද රසායනික පොහොර තොග කැලණිය සහ පෑලියගොඩ ගබඩාවල ගොඩගසා ඇති ආකාරය පරීක්ෂාවට ලක්කර අතර එම පොහොර තොග නිසියාකාරව බෙදානොහැරීමට ජාතික පොහොර ලේකම් කාර්‍යාලයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ බවද අමාත්‍යවරුන් කියා සිටියේය.
තවදුරටත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරි දින දෙක තුලදී පොහොර තොග බෙදාහැරීම සිදුනොවුනහොත් රජයේ පොහොර සමාගම් හරහා එම පොහොර තොග ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන බවයි.
685 Views
Comments