2021 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දිනයන්

2021 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 03 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේය.
එසේම 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 04 වන දා සිට ඔක්තෝබර් මස 31 වන දා දක්වා පැවැත්වීමටද කටයුතු සුදානම් කර ඇතැයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මීට පෙර ද එම විභාගයන් පැවැත්වීමට තීරණය කර තිබුණේ මෙම දිනයන්වලදී වන අතර ඊයේ(08) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් පවත්වන බවද අමාත්‍යවරයා පැවසීය.
1378 Views
Comments