ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට සිටින අයට විශේෂ නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට සිටින අයට විශේෂ නිවේදනයක්

ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට සිටින අයට විශේෂ නිවේදනයක්

තාවකාලිකව අත්හිටුවා ඇත ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව මෙම මස 05 වන දා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 

 

දිනයක් හා අංකයක් වෙන්කර ගන්නා ලද සීමිත අයදුම්කරුවන් පිරිසකට පමණක් තම සේවාව ලබාදෙන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මේ වන විට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලු‍ම්පත් යොමුකර ඇති ඉල්ලු‍ම්කරුවන්ට රටෙහි පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද කඩිනමින් ජාතික හැඳුනුම්පත් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මෙතෙක් හැඳුනුම්පත නොලැබුණු ඉල්ලු‍ම්කරුවන්ට දිනයක් හා අංකයක් වෙන්කර දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් පසු තම ජාතික හැඳුනුම්පත ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

 

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර පහත සඳහන් දුරකථන අංක මඟින් දිනයක් හා අංකයක් වෙන්කරවා ගැනීම අනිවාර්ය කර තිබේ.

 

  • බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය - 0115 226 126 / 0115 226 100
  • වයඹ පළාත් කාර්යාලය - 0372 224 337
  • දකුණු පළාත් කාර්යාලය - 0912 228 348
  • නැගෙනහිර පළාත් කාර්යාලය - 0652 229 449
  • උතුරු පළාත් කාර්යාලය - 0242 227 201
     
views

845 Views

Comments

arrow-up