LTTE සංවිධානය ප්‍රවර්ධනය කළ තරුණයෙක් අත්අඩංගුවට

LTTE සංවිධානය හා සම්බන්ධ ඡායාරූප සිය ජංගම දුරකථනය තුළ තබා ගැනීම හා අපරාධ සඳහා තරුණයින් නැඹුරු කරගැනීමට උත්සහ කිරීමේ චෝදනාව මත කිළිනොච්චිය ප්‍රදේශයේදී තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
21 හැවිරිදි මොහු නාගරාසා ප්‍රභා නැමැත්තෙකි.
විශේෂ කාර්ය බළකායේ කිළිනොච්චිය කඳවුරේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අපරාධයක් කිරීමේ අරමුණින් යකඩ කඩුවක් සඟවා තබා ගෙන ඇති අතර, ප්‍රදේශයේ තරුණයින්ද අපරාධ සඳහා නැඹුරු කරගැනීමට උත්සාහදරා ඇති බවද විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
සැකකරු සන්තකයේ තිබී යකඩ කඩුවක් සොයාගෙන තිබේ.
මේ අතර සිම්කාඩ් පත් සහිත ජංගම දුරකථන දෙකක්ද තිබු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
853 Views
Comments