කුඩු ජාවාරම් කළැයි අයෙක් ගම්මුන්ගෙන් ගුටි කා නසී

වැවගම, ගල්ගම්මුල්ල ප්‍රදේශයේදී පහරදීමට ලක්වූ අයෙකු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.
ගල්ගම්මුල්ල ප්‍රදේශයේ පිරිසක් පිටස්තර පුද්ගලයින් දෙදෙනකුට කළ පහරදීම හේතුවෙන් පහරකෑ එක් අයෙකු එසේ ජීවිතක්‍ෂයට පත්ව තිබූ අතර සෙසු පුද්ගලයා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් නීති විරෝධි ලෙස පැනගොස් ගංජා අලෙවි කරමින් සිටියදී ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කීය.
හිඳගොල්ල, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 35 හැවිරිදි රන්හොටී පේඩිදුරයලාගේ ජයලත් ප්‍රේමතිලක නමැත්තෙකු පහරකෑමෙන් එලෙස රෝහලේදී මරුමුවට පත්ව තිබිණ.
මරණකරු සහ ඔහුගේ මිතුරා පිට පළාත්වල සිට ගල්ගම්මුල්ල ප්‍රදේශයට ගොස් කාලය කාදමමින් සිටින බවත්, ඔවුන් මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් විය යුතු බවට කලක පටන් ප්‍රදේශවාසීන් විමසිලිමත්ව සිට ඇති බවත් එහිදී පැවසූ පොලිසිය පසුගිය 06 වැනිදා ප්‍රදේශවාසීන් ඔවුන් සිය ග්‍රහණයට ගෙන ගමට පැමිණෙන හේතුව ප්‍රශ්න කිරීමේදී ඇතිව තිබූ තත්ත්වයක් හේතුවෙන් එසේ අදාළ පිටස්තර පුද්ගලයින් දෙදෙනාට ගම්මුන් විසින් පහරදී තිබූ බවද මූලික පරීක්‍ෂණවලදී හෙළිව තිබිණ.
කුලියාපිටිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ මෙහෙයවයි.
686 Views
Comments