JAN
05
ලිට්‍රෝ ගෑස් මිල පහත දමයි. නව මිල මෙන්න

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,409කි.
එසේම කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 80කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,770කි.
තවද කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 38කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 822කි.
223 Views
Comments