ප්‍රදේශ රැසකට සවස් කාලයේදී තද වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශ වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
උතුරු සහ උතුරු-මැද පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.
මධ්‍යමසහසබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං උතුරු දෙසින් හමන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (15-25) පමණ වේ. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (35-45) පමණ දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
633 Views
Comments