අවුරුදු 14ක බාලවයස්කාරිය නිවසේදීම දරුවෙකු බිහිකරයි - විවාහකයෙක් සැකපිට අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

අවුරුදු 14ක බාලවයස්කාරිය නිවසේදීම දරුවෙකු බිහිකරයි - විවාහකයෙක් සැකපිට අත්අඩංගුවට

අවුරුදු 14ක බාලවයස්කාරිය නිවසේදීම දරුවෙකු බිහිකරයි - විවාහකයෙක් සැකපිට අත්අඩංගුවට

වයස අවුරුදු දාහතරයි මාස නවයක් වන බාලවයස්කාර දැරියක් සිය නිවසේදීම දරුවෙකු ප්‍රසූත කිරීමේ සිදුවීමක් සම්බන්ධව 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු පූජාපිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 

පූජාපිටිය ප්‍රදේශයේ ගම්මානයක පදිංචිව සිටි මෙම බාලවයස්කාර දැරිය එම ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු සමඟ ඇති කරගත් හිතවත්කමක් මත දැරියව දූෂණයට ලක්ව ඇති බවට සැක කෙරේ.

 

මෙලෙස විටින් විට දැරියව දූෂණයට ලක්වීම හේතුවෙන් දැරිය ගැබ් ගෙන ඇති අතර එය සියලු‍ දෙනාගෙන් සඟවාගෙන සිට ඇති බව වාර්තාවේ.

 

මීට දින කිහිපයකට පෙර මෙම දැරිය නිවසේදී දරුවෙකු ප්‍රසූත කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය සහාය නොලැබීම හේතුවෙන් අධික රුධිරවහනයට ලක්වූ දැරිය පසුව මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබේ.

 

රෝහල් කාර්ය මණ්ඩලය විසින් පූජාපිටිය පොලිසිය වෙත සිදුවීම දැනුම් දීමත් සමඟ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මෙම දැරිය අතවරයට ලක් කිරිම සම්බන්ධව සැක පිට ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම බිළිදා සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, සැකකරුව අද ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 

පූජාපිටිය පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

views

1819 Views

Comments

arrow-up