රාජිත ආණ්ඩුවට - ඇමතිකම ගැන රත්නප්‍රිය කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

රාජිත ආණ්ඩුවට - ඇමතිකම ගැන රත්නප්‍රිය කියයි

රාජිත ආණ්ඩුවට - ඇමතිකම ගැන රත්නප්‍රිය කියයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

 

මෙම මන්ත්‍රී පිරිස අයවැය ආසන්නයේ හෝ ඉන්පසුව ආණ්ඩුවට එක් වනු ඇතැයි ද පැවසු ඔහු එම පිරිස් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන අමාත්‍යධුරයන් ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවද පැවසීය.

 

පවතින තත්ත්වය මත මෙම මන්ත්‍රී කණ්ඩායමට විවිධ වගකීම් භාර ගැනීමට සිදු ඇති බවද පැවසූ මන්ත්‍රීවරයා ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම ඇතුළු ක්‍ෂෙත‍්‍ර කළමනාකරණය කළ යුතුව ඇති බව ද සඳහන් කළේය.

 

රාජිත සේනාරත්න ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දක්වන්නේ සාධනීය හැඟීමක් බව ද පැවසූ ඔහු ජනාධිපතිවරයා ගැන පැහැදී ආණ්ඩුවට විශාල පිරිසක් එක් වීමට කැමැත්තෙන් සිටියද ඒ තරම් ප්‍රමාණයකට වගකීම් දීගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද කියා සිටියේය.

 

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

views

205 Views

Comments

arrow-up